ඉන්ධන මිල පහත දැමිම හමුවේ බස් ගාස්තුව සියයට 04කින් අඩුකළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ රුපියල් 28ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩුකල හැකි බවයි.

පසුගිය ගාස්තු සංශෝධනයෙදි ඔටෝ ඩීසල් මිල රුපියල් 11කින් සහ අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 24කින් පහත දැමීම නිසා බස් ගාස්තු අඩුකල හැකි බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ඉන්ධන මිල පහත දැමුවද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ, ඉන්ධන මිල අඩු වුවද ටයර්, අමතර කොටස්, ලිහිසි තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය වල මිල තවදුරටත් ඉහළ අගයක පැවතීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් පෙට්‍රල් මිල 300ට වඩා අඩු කළ හොත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ හැකි බවයි ඔහු සදහන් කළේ.

source :- https://tinyurl.com/4zt3a5n2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here