
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ නැමැති අයෙක්.
ඔහු විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06 ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මෙම සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීටියාගොඩ දසුන් රාජකරුණා නැමැත්තා ගේ ද මාමා වන බවද පැවසෙනවා.
මොහු විදෙස් රටක සිටින බව ඒත්තු ගන්වමිනුයි මෙරට සැඟවී සිට අපරාධ මෙහෙයවා ඇත්තේ.
වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
source :- https://shorturl.at/NY6IP







