වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වනවිට පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.

කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, වට්ටක්කා ඇතුලු එළවළු මිල ගණන් මෙසේ අඩුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව, වෙළෙඳපොලේ සිල්ලර මිල ලෙස කැරට් කිලෝවක මිල රුපියල් 280ක් වන අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 320ක් වන බවටයි සඳහන් වන්නේ.

එමෙන්ම, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 400ක් ද ලීක්ස් කිලෝවක මිල රුපියල් 300ක් ද වනවා.

තවද, ගෝවා රුපියල් 340ක්, තක්කාලි රුපියල් 200ක්, බණ්ඩක්කා රුපියල් 90ක්, වැටකොලු රුපියල් 240ක්, පතෝල රුපියල් 200ක්, වට්ටක්කා රුපියල් 60ක්, දෙහි රුපියල් 600ක් ලෙස මෙසේ අලෙවි වී තිබෙනවා.

මේ අතර, කොළඹ මැනිං වෙළදපොලේ සිල්ලර මිල ලෙස බෝංචි කිලෝවක් රුපියල් 200ක්, කැරට් රුපියල් 150ක්, ගෝවා රුපියල් 220ක්, තක්කාලි රුපියල් 180ක්, වම්බටු රුපියල් 200ක්, වට්ටක්කා රුපියල් 60ක්, අමුමිරිස් රුපියල් 150ක්, දෙහි 350ක් අලෙවි වන බව පාරිභෝගිකයින් වැඩිදුරටත් සඳහන් කරනවා.

source :- https://tinyurl.com/mrxzvsyf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here