වසර දෙකකට පසු පොල්ගොල්ල ජලාශයේ සිදු කිරීමට නියමිත නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් එළැඹෙන 27 වැනිදා පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් එළැඹෙන 28 හා 29 දෙදින පොල්ගොල්ල ජලාශය හරහා ජලය ලබා ගන්නා පවුල් ලක්ෂකයට පමණ ජලය ලබා දීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා

පොල්ගොල්ල ජලාශයෙන් පවුල් ලක්ෂයකට ආසන්න පිරිසක් ඔවුන්ගේ එදිනෙදා ජල අවශ්‍යතාවයන් සපුරා ගනු ලබනවා.

වසර දෙකකට පසු පොල්ගොල්ල ජලාශයේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිත බැවින් එළැඹෙන 27 වැනිදා පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය තීරණය කර තිබෙනවා.

එලෙස පොල්ගොල්ල ජලාශය සම්පූර්ණයෙන් හිස් කරන බැවින් විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට ජලය සැපයීමක් සිදු වන්නේ නැහැ.

මහවලි අධිකාරිය පවසන්නේ එම නිසා එළැඹෙන 28 හා 29 දෙදින පොල්ගොල්ල ජලාශය හරහා ජලය ලබා ගන්නා පවුල් ලක්ෂකයට පමණ ජලය ලබා දීමේ හැකියාවක් නොමැති බවයි.

source :- https://tinyurl.com/2mnvsdrb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here