
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත්කර ඇත.
තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදාය.
මේ අතර තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර තිබේ.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි.







