මෝටර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් අද (23) සවස 3.30ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ කඩුවෙල බෝමිරිය 12 කනුව ප්‍රදේශයේදීයි.

මොණරාගල කොලඹ පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කළ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති අතර සිදුවීම පිළිබඳව නවගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/hpkeptwj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here