ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය.

ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කරුණු හෙළිකළේය.

“ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම අපැහැදිලි හැඳුනුම් පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත්කරන ලද කුවිතාන්සිය ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළිගන්නේ නැහැ.”

source :- https://tinyurl.com/3dterbmp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here