කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වෙයි.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලිනි.

ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

source :- https://tinyurl.com/y337rk9a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here