ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ පළමු දිනය තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302 ක් රැස් කරගෙන සිටියා.

කමිදු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කර ගත් අතර, එය ඔහුගේ 4 වන ටෙස්ට් ශතකය ලෙස සටහන් වූවා.

එමෙන්ම පළමු ටෙස්ට් තරඟ හතේදී ලකුණු 50ට වඩා රැස්කර පාකිස්ථානයේ සවුඩ් ශකීල් පිහිටවූ වාර්තාවද ඔහු මෙම තරගයේදී සම කරනු ලැබුවා.

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළා.

source :- https://tinyurl.com/yjknm3af

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here