අනුරාධපුර දුම්රිය ස්ථානයේ නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම දුම්රිය ස්ථානයට අයත් රථගාලේ දුම්රිය නියාමකවරයෙකුට අයත් යතුරු පැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම් අයෙකු විසින් සොරකම් කිරීමට විරෝධය පල කරමින්.

ඔවුන් පවසන්නේ දුම්රිය ස්ථානයේ යතුරුපැදිගාලේ නිසි ආරක්ෂාවක් නොමැති වීම මීට හේතු වී ඇති බවයි.

මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුරයේ සිට කිලිනොච්චිය දක්වා ධාවනය වන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

source :- https://tinyurl.com/y5xjs5d7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here