
වාහන ආනයනයට අවසර ලබා දීම මීට පෙර කල යුතු දෙයක් බවත් එය මේ අවස්ථාවේ සිදු කිරීම දේශපාලන වශයෙන් ඡන්ද වාසියක් ලබා ගැනීම බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති, සම්පත් මෙරෙන්චිගේ පවසනවා.
මෙය නිසි ආකාරයේ සිදු කරන්නටනම් නව රජයක් පත් වු පසුව සිදු කල යුතු බව සභාපතිවරයා කියා සිටියා.
ඔහු මේ බව පැවසුවේ අද (14) මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
වාහන ගෙන්වීමට අප කල ඉල්ලීම් මෙරට දේශපාලනඥයින් බීරි අලින්ට වීණා වයනවා වගේ බව ඔහු කියා සිටියා.

එමෙන්ම මේ රටේ තියෙන ජාරාජීරණ දේශපාලන නවතින්න ඕන බව ද ඔහු කියා සිටියා.
පසුගිය දින වාහන ආනයනය ගෙන්වීමට ඉතා කලබලයෙන් සිදු කර සිටියේ රටේ ජනතාවට ආදරයට නොව එයින් ඔවුන් වීරයෝ යැයි ප්‍රකාශ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට බව සම්පත් මෙරෙන්චිගේ වැඩිදුරටත් කියා සිටියා.
source :- t.ly/0n3da







