ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් ඇමැතිවරුන් දේශපාලන කටයුතුවල නිරතවීම නිසා ඇතැම් අමාත්‍යාංශවල නිලධාරීන් ඇමැතිවරුන්ට හොර රහසේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.

ඇතැම් ආමාත්‍යාංශවල ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැතිවරුන්ට නොදන්වා විශාල ලෙස මුදල් වියදම් කරමින් මේ දිනවල ගොඩනැගිලි කුලියට ගැනීම්,භාණ්ඩ මිලදී ගැනීම් ආදිය සිදු කරන බවත් අනාවරණය වි තිබේ.

එමෙන්ම,අමාත්‍යාංශවල තිබෙන වාහනද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිය සිතැඟි පරිදි භාවිත කරන බවද පැවසේ.

එමෙන්ම,කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමද අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් සිය පුද්ගලික දේශපාලන කාරණා මත හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද තොරතුරු හෙළිව ඇත.

ඇමැතිවරුන් දේශපාලන කටයුතුවල නිරතව සිටින අතරතුරදී අමාත්‍යාංශවල නිලධාරීන් යටින් මෙවැනි කටයුතුවල නිරතව සිටීදැයි සොයා බැලියයුතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර එම අමාත්‍යාංශයේ පෙරේදා (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

source :- t.ly/oaOll

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here