
වවුනියාවේ ඕමන්ත ප්රදේශයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ඊයේ (10) මියගොස් තිබෙනවා.
කන්කසන්තුරේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට මෙම කාන්තාව හසු වී ඇති අතර, ඇය කවුරුන්ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවටයි වාර්තා වෙන්නේ.
දුම්රිය පුලියන්කුලම දුම්රිය ස්ථානය පසුකොට ඕමන්ත දුම්රිය ස්ථානය වෙත ළගා වෙමින් තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ මෙම කාන්තාව එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 30ත් 35ත් අතර වූ අයෙක් බවටයි සඳහන් වෙන්නේ.
මියගිය කාන්තාවගේ මළ සිරුර ඕමන්ත දුම්රිය ස්ථානයට බාර දීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මෘත ශරීරය වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඕමන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.
source :- https://tinyurl.com/552tr7yx







