අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දුම්රියපොළ අසළ පැවති විරෝධතාවයක් අතරතුරදීයි ඔහු පොලිස් භාරයට ගෙන ඇත්තේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම ඇතුලු කරුණු කිහිපයකට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වුණේ.

එම විරෝධතාවය මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් විසුරුවා හරින ලද අතර විරෝධතාකරුවන් කිහිප දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/36zcaj6x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here