
මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් රැගත් ධීවර යාත්රාවක් ඊයේ (07) දින රාත්රියේ සංවිධානාත්මක මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැමිණ කොල්ල කා තිබෙනවා.
එහිදී එම යාත්රාවේ සිටි ධීවරයින්ට පහරදී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුක්ත ධීවර ආම්පන්න ඇතුළු තවත් උපකරණ රැසක් පැහැරගෙන ගොස් ඇතැයි පරික්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සඳහන් කළා.
මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත්තේ මඩකළපුව, නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි කලවංචිකුඩි, කළුදාවයි නැමති ප්රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනකු සේවය කළ යාත්රාවක්.

මොවුන් සිය ධීවර කටයුතු වල නිරතව සිටියදී යාත්රා දෙකක් ආධාරයෙන් ඒ අසලට පැමිණි අට දෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක පිරිසක් විසින් එකවරම මෙම ධීවර යාත්රාවට ගොඩවැදීමත් සමගම බෝතල්, ගල්මුල්, සහ යකඩ මුගුරු වලින් පහර දී එහි සිටි ධීවරයින්ට බරපතල තුවාල සිදුකර තිබෙනවා.
අනතුරුව එම ධීවර යාත්රාවේ එන්ජිම, ධීවර ආම්පන්න සහ ජී.පී.එස් යන්ත්රයක් මෙලෙස කොල්ලකා පලා ගොස් ඇති බවත්, මෙම පිරිස කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට පැමිණිලිකාර ධීවරයින් හදුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කලංවචිකුඩි පොලිස් ස්ථානය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
source :- https://shorturl.at/zAhDp







