විදුලි සම්බන්ධතා ගැනීමේ දී බදු ලිපිගොනු අංකයක් ගැනීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මීට අදාළ යෝජනාව මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශය මත බවයි පැවසෙන්නේ.

වාහන ලියාපදිංචිය, ආදායම් බලපත්‍ර ගැනීම , ජංගම ගිණුම් විවෘත කිරීම සහ ඉඩම් හා නිශ්චල දේපළ ඇතුළු දේපළ අත්පත් කර ගැනීම වැනි අවස්ථාවල දී බදු ලිපිගොනු අංකයක් ගැනීම දැනට අනිවාර්ය කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දන්වා තිබෙන්නේ, විදුලිය ගැනීමේ දී ද එම අවශ්‍යතාව සපුරාලීමට අදාළ නිර්දේශය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි.

ඊට අදාළ වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි පවසන්නේ.

source :- t.ly/sjCL2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here