මුදල් දමන ප්ලාස්ටික් කැටයක දමා අල්මාරියක සඟවා තිබු ජීව උණ්ඩ තොගයක් නිවසකින් සොයාගෙන තිබෙනවා.

ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01ක් මෙසේ සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.

ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස, ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මේවා සොයා ගත් බවයි පොලිසිය වැඩි දුරටත් පවසන්නේ.

එම ප්‍රදේශයේ පාසලක 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරුවෙක් විසින් පාසලට ගෙන එන ලද ජීව උණ්ඩයක් පංති බාර ගුරැවරයා දැක තිබෙනවා.

ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කිරීමටයි පංති බාර ගුරැවරයා පියවර ගෙන ඇත්තේ.

පසුව විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇති අතර එම නිලධාරීන් පාසලට පැමිණ පරීක්ෂා කර තිබුණා.

එහිදී එම පතුරම ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන එකක් බව තහවුරු කරගෙන තිබෙනවා.

පසුව පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂාවේදී මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි සොයා ගත්තා.

පොලිසිය එම නිවස පරික්ෂා කරන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ දරැවාගේ මව පමණයි.

දරුවාගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බවට බිරිය පැවසූ බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

source :- https://shorturl.at/qViBI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here