ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූශණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා 3ක් ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර තරඟවලදී සහ 2021 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සමබන්ධව තමාට ලැබුණු ඇරයුම් පිළිබඳව ප්‍රමාදයකින් තොරව ICC දූශණ මර්ධන ඒකකයට පැමිණි කිරීමට අපොහොසත් වීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

එලෙසම ප්‍රවීන් ජයවික්‍රම, තරඟ පාවාදීම සම්බන්ධව දූශීත ක්‍රියාවන් පැවැත්වීමේ ප්‍රවේශයට අදාළ පණිවිඩ මකා දමා ඇතිබවටද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා ඔහුට 2024 අගෝස්තු 06 වනදා සිට දින 14 ක කාලයක් ඔහුට ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here