යාපනයේ ධීවරයෙකු විෂ මත්ස්‍යයෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඊයේ (5) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි එස්.රජීවන් නැමති 27 හැවිරිදි ධීවරයෙක්.

ඔහු සුපුරුදු පරිදි තවත් දෙදෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර, ස්වල්ප වේලවකදී ඔහු කෑ ගසන්නට පටන් ගෙන තිබෙන බව පැවසේ.

එම අවස්ථාවේදී අනෙක් ධීවරයින් දෙදෙනා දැක ඇත්තේ විෂ සහිත මොරල්ලකු ධීවරයාට ප්‍රහාරයක් එල්ල කොට මුහුදේ පීනා ගිය ආකාරයයි.

මත්ස්‍යයාගේ ප්‍රහාරයට ගොදුරු වූ ධීවරයාව වහාම ගොඩ බිම වෙත රැගෙනවිත් පුංගුඩුතීව් රෝහලට ඇතුළත් කොට ඇතත්, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ධීවරයාගේ මරණයට හේතුව විෂ සහිත මත්ස්‍යයෙකුගේ ප්‍රහාරයක් බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි.

මෙම වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේදී විෂ සහිත මත්ස්‍යයයින්ගේ ප්‍රහාර වලට ලක්ව මියගිය තුන් වන ධීවරයා මොහුයි.

ජෙලි ෆිෂ් නැමති මසුන් හැරුණු විට විෂ සහිත මොරල්ලන්ගේ ප්‍රහාර වලට ලක්වීමෙන්ද ධීවරයෝ මියයයති.

source :- https://rebrand.ly/qk3wnl3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here