යම් පුද්ගලයෙක්ට ඡන්දය භාවිතා කිරීමට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ඔවුන්ට රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ එවැනි කිසිවක් නොමැති පුද්ගලයෙක්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here