බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (02) සවස බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරු පාලනයෙන් ගිලිහී ගිය ත්‍රී රෝදරථය ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම බිහිසුණු අනතුරට මුහුණ දී ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක්.

ගහකිවුල කරදගහමඩ අලුත්කෑල්ල පදිංචි සැමියා, බිරිඳ සහ ලේලිය බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔවුන් අවුරුදු 73, 67 හා සහ 43 වයස්වල පසූවූවන්.

සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

source :- https://shorturl.at/oRCUw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here