
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වා ගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය, RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීම යනාදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
එහිදී කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම මෙහි ප්‍රධාන අරමුණු වන, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS යන්ත්‍ර හඳුන්වා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම පියවර මඟින් රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ.
මේ අතර වත්මන් රජය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් සිදු කළ මැදිහත්වීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ අරමුණු පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම රජයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත් පියවරක් වන අතර මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.







