ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එමෙන්ම රාත්‍රී කාලයේ දී බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට විශේෂ බස් රථ සේවාවක ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවයි ඔහු කියා සිටියේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේදී පසුගිය දා දැඩි ප්‍රමාදයක් සිදුවූ අතර මේ හේතුවෙන් දින ගණන් පොලිම් වල රැදී සිටීමට ජනතාවට සිදු වූණා.

එවන් පසුබිමකයි, දිනකට බලපත්‍ර 4,000ක් නිකුත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වුණේ.

source :- https://tinyurl.com/3y9m99dd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here