බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ගොනු කර තියෙනවා.

ඒ, එරට ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වී මිය ගිය රුබෙල් නම් පුද්ගලයෙකුගේ පියා වන රෆියුල් ඉස්ලාම් නම් අය විසින්.

ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ඩකාහි අඩබෝර් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කලා.

හිටපු අගමැතිනි ශෙයික් හසීනා සහ හිටපු මාර්ග, ප්‍රවාහනය සහ පාලම් අමාත්‍ය ඔබයිදුල් ක්වාඩර් ඇතුළු 156 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇති අතර රුබෙල් පසුගිය 05 වැනිදා පැවැති විරෝධතාවකට සහභාගී වී තිබුණි .

එහි දී ආරක්ෂක අංශය සිදු කළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්‍ෂයට පත්වූ අතර පපුවට සහ උදරයට වෙඩි පහරවල් වැඳී තිබූ බව සඳහන්.

ශකිබ් අල් හසන් මෙම නඩුවේ 28 වන විත්තිකරු වන අතර ජනප්‍රිය නළු ෆර්ඩස් අහමඩ්ද මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here