
නවසීලන්ත කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන අද (23) නිවේදනය කළා.
එම කාල සටහනට අනුව දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹීමට නියමිතයි.
ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව ඇති අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.










