ආදරවන්තයින්ගේ දිනය හෙටට (14)ට යෙදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි සඳහන් වෙන්නේ ‘ඔබේ දෙමපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න’ යනුවෙනුයි.

එමෙන්ම” ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ ගැහැණු ළමයෙක් නම්, ආදරවන්තයින්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යාමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබා දුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න” යනුවෙන්ද එහි සඳහන් වෙනවා.

එමෙන්ම කාන්තා ඔබට සිදුවන ඕනෑම හිංසනයකදී 109 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසයි එම දැනුම්දීමේ සඳහන් වෙන්නේ.

source :- https://tinyurl.com/5cy7dxs8

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here