
ඔවුන් එම හාරකෝටි අසූ ලක්ෂ අසූහතරදාහක මුදල මාතලේ නගරයේ රජයේ බැංකුවක ATM යන්ත්‍රයකින් දින 38 ක තුළදී අවස්ථා 387 කදී ලබාගෙන ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත.
අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඩුබායිහි සේවයේ නියුතු මාතලේ උකුවෙල මානම්බොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයකු නිවාඩු සඳහා මේ රටට පැමිණ ජාත්‍යන්තර ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පත භාවිත කර කෝටි දෙකක පමණ මුදලක් ලබාගෙන නැවත විදේශ ගත වී ඇති බවත් අදාළ සැකකරු නැවත විදේශ ගත වන විට එම බැංකු කාඩ්පත මාතලේ උකුවෙල තවලංකොය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක ඔහුගේ මිතුරකු වෙත දී ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.








