වාහන

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා කියා සිටියේ, එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බවයි.

ඒ, හේතුවෙන් 1500CC අඩු ධාරිතාව ඇති වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන්නේ නම් ජනතාව සහ ව්‍යාපාර එවැනි වාහන ආනයනය කිරීමට පෙළඹෙන බවත් ඒ තුළින් විශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

“අපි දන්නවා රටට විශාල වශනේ වාහන ගෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේ CC කැපැසිටිය ඉතා විශාල වාහන ගෙන්වනවා. මේ වාහනවලට තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන්නේ ඒ නිසා අපිට වෘත්තීය සමිතියක් විදිහට යෝජනා කරන්න පුළුවන් CC කැපෑසිටිය 1500ට වඩා අඩු වාහන ගෙන්වන්න ඉඩ දෙනවානම්, ඒවාට වැඩි බදු සහනයක් දෙනවානම් ජනතාව, ව්‍යාපාර එවැනි වාහන ආනයනය කරයි ඒ තුළ විශාල වශයෙන් විදේශ විනිමය පිටතට යන එක නතර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නවා සමහර වාහන ගෙනල්ලා තියෙන වටිනාකම් බැලුවාම ඒවාට යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. එවැනි වාහනයකින් සාමාන්‍ය 1500CC කැපෑසිටියකට අඩු වාහන 20-25ක් ගේන්න පුළුවන් ඒ එක වාහනයක් ගේන්න යන විදේශ විනිමය ප්‍රමාණයෙන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here