
ඒ, අබලන් වූ හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම යථාවත් කරන තුරු තාවකාලිකව වසා දැමීම හේතුවෙන්.
වැඩිදුරටත් දිස්ත්රික් ලේකම්වරයා කියා සිටියේ මෙවැන්නක්,
“හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරගෙන යනවා.

ඒ අතරතුර පාලමේ පාදමත් එක්ක අලුත්වැඩියාව සඳහා ගලක් විදින්න වුණා.
මේ හේතුවෙන් මේ වනවිට පාලමෙන් වාහන ගමනාගමනය තාවකාලිකව නතරකර තිබෙනවා.
ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මීමුරේට මේ දිනවල විනෝද ගමන් එනවානම් පාලම නැවත සකස්කරන තෙක් එන්න එපා කියලා.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු දන්වා සිටියා දින 3ක් ඇතුළත මෙය යථාවත් කරන්න පුළුවන් වෙයි කියලා”







