
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් සහ එස් එස් සී ක්‍රීඩා සමාජ අතර තරගය අතරතුර ඩුබායි වෙත ගොස් ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජන කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩ මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර තිබෙනවා.
එය මෙරට මුදලින් ලක්ෂ 30කට ආසන්නයි.
ක්‍රිකට් වාර්තා සදහන් කළේ, පසුගිය 02 වැනිදා පැවති දේශීය තරගයක් අතරතුරදී ආබාධයකට ලක්ව තිබියදීත් විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කරමින් ගිවිසුම්ගත බැඳීම් කඩකිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම දඩ මුදල නියම කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දසුන් ශානකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද අවධානය යොමු කර තිබුණා.
source :- https://tinyurl.com/ahrbekfv








