
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා තමන්ට ගිනි අවිය ලබා දුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණ ඇති බව ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවට සැකකෙරෙන වෙඩික්කරු ප්‍රකාශ කර තිබෙනවා.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම මරදාන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින් මීගමුව ප්‍රදේශයට පැමිණි බවත් අනතුරුව තමන් සහ කාන්තාව වෙන වෙනම ගමන් කළ බවද වෙඩික්කරු පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අධිකරණ මැදිරිය තුළ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ, දැනට ඩුබායි හී සැගව සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දුනි පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා බව, දැනට සිදු කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනය මෙරට සිට සැළසුම් කර ඇත්තේ, වෙඩික්කරුට ගිනිඅවිය සැපයු නීතිඥවරියක් ලෙසින් අධිකරණයට පැමිණි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නැමති මීගමුව – කටුවැල්ලේගම – ජය මාවත ප්‍ර දේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාව බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු මෙම කාන්තාව පළා ගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
ඒ සදහා ඇයගේ ඡායාරූප කිහිපයක් ද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අදාළ කාන්තාව 995892480 ඪ යන හැදුනුම්පතෙන් පෙනීසිට ඇති අතර ඡ 0127950 යන විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිතා කරමින් විදෙස් ගතවීමට ඉඩකඩ ඇති බැවින් මේ වනවිට ගුවන්තොටුපළ බළධාරීන් ද දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.
ඒ අනුව මෙම තැනැත්තිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක හෝ කොළඹ අපරාධ කොට්ඨසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව 071 8 591 727 හෝ 071 8 591 735 යන අංක වෙත තොරතුරු ලබා දිය හැකි.
අදාළ කාන්තාව පිළිබද තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයන් පිරිනැමීමටයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇත්තේ. තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරිමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.
දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙන ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර ඇති බවද වාර්තා වනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට මෙම ඝාතනය සදහා රුපියල් කෝටි එකහමාරක මුදලක් ලබා දීමට පොරොන්දු වූ බවයි.
ඝාතනය පෙර ඉන් රුපියල් ලක්ෂ 2ක මුදලක් තමන්ට ලැබුණු බවටද ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගත් පසුව තමන් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් හදුන්වා තිබුණත් ඔහුගේ සැබෑ නම එය නොවන බවටයි දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
28 හැවිරිදි මොහු සමිඳු දිල්ශාන් පියුමංග කදනාරච්චි වන මහරගම – දඔහේන පාරේ පදිංචිකරුවෙක්.
මීට අමතරව සැකකරු අවස්ථා කිහිපයකදී හැදුනුම්පත් කිහිපයක් සකස් කර ඇති අතර ඊට නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන බවට සකසන ලද හැදුනුම්පතක් ද අයත්.
එම නීතිඥ හැදුනුම්පත සකසා ඇත්තේ සංජීව ඝාතනය සදහාම බවට පොලිසිය සැක පළ කරනවා.
සැකකරු ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද ඉදිරිපත් කර ඇත්තේ අදාළ නීතීඥ හැදුනුම්පතයි. තමන් නීතිඥයෙකු බවට පවසා එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නොමග යැවීමට ද උත්සහ කර තිබෙනවා.
මුහුදු මාර්ගයෙන් පලා යෑමට සැළසුම් කර තිබියදී ඊයේ පස්වරුවේ පුත්තලම – පාලවිය ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි මාර්ග බාධක යොදා සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.
ඔහු වෑන් රථයකින් පලා යමින් සිටි අතර එහිදී වෑන් රථය පැදවූ රියදුරු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ රියදුරා මොරගහහේන පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහුද මෙහෙයවා ඇත්තේ, ඩුබායි හී සිටින කෙහෙල්බද්දර පත්මේ විසින්.
ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු කමාන්ඩෝ බලකායේ මූලික පුහුණුව පමණක් ලබා පසුව ඉන් ඉවත් වී ඇති බවට ද අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරු පසුව මුදල් කොන්ත්‍රාත් මත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ලබා දෙන කොන්ත්‍රාත් මත පුද්ගල ඝාතන සිදු කර තිබෙනවා.
ඒ අනුව මොහු පසුගියදා ගල්කිස්ස – වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බවටයි අනාවරණය වී ඇත්තේ.
නීතීඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි මොහු අලූත්කඬේ අංක 5 මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසලදී ගනේමුල්ල සංජීවට ඊයේ වෙඩි තබා පළා ගොස් තිබුණා.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය ද අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසල වැටී තිබියදී සොයා ගැනුණා.
එම ගිනි අවිය සැකකාර කාන්තාව විසින් රැගෙන විත් ඇත්තේ නීතිඥවරුන් භාවිතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටු ගිනි අවියක හැඩයට කපා ඉවත් කර ඒ තුළ සූක්ෂම ලෙස සගවා බවටයි අනාවරණය වූයේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත වෙඩික්කරු ප්‍රකාශ කර ඇත්තේ, තමන් සහ තමන්ට ගිනිඅවිය ලබාදුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණි බවයි.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම මරදන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින් මීගමුව ප්‍රදේශයට පැමිණි බවත් අනතුරුව තමන් සහ කාන්තාව වෙන වෙනම ගමන් කළ බවද වෙඩික්කරු පාපොච්චාරණය කර තිබෙනවා.
source :- https://tinyurl.com/nhvm6tja







