වට්ස්අප් ගිණුම් උපයෝගී කරගනිමින් කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප සහ හඩපට යොමු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් පරිගණක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කාන්තාවන් තිදෙනෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් පරිගණක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කළ පැමිණිල්ලකට අනුවයි එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරු යතුරුපැදි අලුත් වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙන යන අතර ඊට පැමිණෙන කාන්තාවන්ගේ දුරකතන අංක ලබා ගෙන මෙලෙස ඔහු විසින් වට්ස්අප් හරහා ලිංගික දර්ශන සහ හඩපට යොමු කර ඇති බව සදහන්.

49 හැවිරිදි සැකකරු අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

source :- https://tinyurl.com/2j64mfdp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here