චෙම්මනි සමූහ මිනී වළ අසළින් යළිත් වරක් (15) දා මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වී තිබෙනවා.

මෙම චෙම්මනි සමූහ මිනී වළ ආසන්නයේම සුසාන භූමියක් අති අතර එම සුසාන භූමියට අලුතින් ආදාහනාගාරයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී මෙම මිනිස් ඇට සැකිලි හමු වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මේ හේතුව නිසා ආදාහනාගාරය ඉදිකිරීමේ කටයුතු නතර කළ නල්ලූර් ප්‍රාදේශීය සභාව මේ පිළිබඳව කෝපායී පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනූවයි පොලීසිය එම ස්ථානයට පැමිණ එය ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කොට සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කළේ.

යාපනය අධිකරණය මේ සම්බන්ධයෙන් ලබන (17) දා තීන්දුවක් ලබා දීමට නියමිතයි.

මෙම චෙම්මනි සමූහ මිනී වළ 1995 වසරේදි මහත් ආන්දෝලනයකට ලක් වූණා.

source :- https://tinyurl.com/mtpaz5we

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here