අස්වැසුම පවුල්වල වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ලබාදෙන රු.3,000ක මාසික දීමනාව සෘජුවම අස්වැසුම ගිණුම්වලට ගිණුම්ගත කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, අස්වැසුම් පවුල් වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල් සහ උපතැපැල් කාර්යාල හරහා ගෙවීම කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පවසනවා.

එසේ වුවද, විවිධ වූ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් පසුගිය කාල සීමාවේදී යම් නිශ්චිත දිනයක් තුළ දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවයට පත් වු බැවින්, අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2025 වර්ෂයේ පෙබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20වන දින සිට ගෙවීම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

source :- https://tinyurl.com/385fb2kz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here