ජාතික අක්ෂි රෝහලේ ආහාර සොරකම් සම්බන්ධයෙන් විමර්ශන කල එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයෙන් තර්ජනය එල්ල වී තිබෙනවා.

ඒ පෙරේදා සිදු වූ ආහාර සොරකමක් සම්බන්ධයෙන් මුළුතැන්ගෙයි පරීක්ෂකවරයෙකු ඇතුඵ සේවකයින් දෙදෙනෙකු කැදවා ප්‍රශ්න කිරීමත් සමඟයි.

රෝගීන්ට ලබා දෙන ආහාර මෙන්ම ආහාර පිසීම සදහා රැගෙන එන ද්‍රව්‍ය හොර රහසේ රෝහලෙන් පිටතට රැගෙන ගොස් අලෙවි කිරීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට තොරතුරු ලැබී තිබුණා.

ඒ පිළිබද පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට මීට මාස 3කට පමණ පෙර දැනුම් දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජාතික අක්ෂි රෝහලේ ආහාර පිටතට රැගෙන යන සීසීටීවි දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

අප මේ සම්බන්ධයෙන් ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් කළ විමසීමක දී ඔහු සදහන් කළේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති බවයි.

ඒ අනුම අමාත්‍යාංශය මට්ටමින් නිසියාකර පරීක්ෂණයක් සිදු වනු ඇති බව ඔහු සදහන් කළා.

source :- https://tinyurl.com/35952kj6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here