ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ඔහු සමත් වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වන පරික්ෂණය අවසන්වනතුරු ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නොහැකි අතර දේශීය තරග සඳහා පමණක් සහභාගී විය හැකි බවයි සඳහන් වෙන්නේ.

2017 වසරේ ක්‍රිකට් පිටියට පිවිසි ඔහු මෙලෙස පන්දුයැවීමේ ඉරියව්ව පිළිබඳව ප්‍රශ්නයට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

source :- https://tinyurl.com/bd9mvba6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here