සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම නියාමනයට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත කඩිනමින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.

එම පනතේ සඳහන් විධි විධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස් කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා පනතේ අදාළ විධිවිධාන කඩිනමින් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා.

source :- https://tinyurl.com/yc69xpbr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here