ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබෙනවා.

රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශය පිහිටුවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව යටතේ එම කාර්යාංශය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එමෙන්ම එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කිරීමට නියමිතයි.

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, පරිගණක අපරාධ විමර්ශන අංශය, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශය වශයෙන් අංශ 6 ක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.

ඉහත විමර්ශන අංශවලින් මේවනවිටත් සිදුකෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙනවා.

යම් විමර්ශනයක තිබෙන බරපතළකම සලකා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෝ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් එහි විමර්ශන සිදුකෙරෙන්නේ ද යන්න පිළිබදව වැඩබලන පොලිස්පතිවරයා තීරණය කරනු ලබනවා.

මේ අයුරින් පොලිසියේ පාලන ව්‍යුහය විමධ්‍යගත කිරීමේ අරමුණ වනුයේ මෙතෙක් ක්‍රියාත්මක වූ විමර්ශන කටයුතු ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කර අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

source :- https://tinyurl.com/yknr9pjb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here