
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නිවේදනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ඒ අනුව , මෝටර් රථ, දුම්වැටි, පැණිබීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත් සියලුම අයිතම් සඳහා වන නිෂ්පාදන බද්ද අද දින එනම් , 2025-01-11 දින සිට ක්‍රියාත්මක වන පරිදි 5.9%කින් වැඩි කරනු ලැබ තිබෙනවා.

එම තීරණය බලාත්මක කරමින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය 2025-01-10 දිනැති අංක 2418/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එසේම, 2025 -01-11 දින සිට බල පැවැත්වෙන පරිදි මත්පැන් සඳහා වන සුරා බද්ද 5.9%කින් වැඩි කර ඇති අතර, ඒ සඳහා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 දරන සුරාබදු නිවේදනය 2025-01-10 දිනැති අංක 2418/42 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
source :- https://tinyurl.com/yze6ckh8







