
යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියේ ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙම ගැටුමෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් රෝහල් ගතවී ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කළ උත්සවයකදී එම පීඨයේ 03 වන හා 04 වන වසරවල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුර දිග යාමෙන් පසුව එය ගැටුමක් බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් කෝපායී පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් මත හා තුවාල ලැබූ සිසුන් යාපනය රෝහල් පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයන් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
source :- https://tinyurl.com/4zetnxec







