
දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉල්ලීම මත ”ඇල්ල ඔඩ්සි – නානුඔය නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, මෙම නව දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම ධාවනය කිරීමට නියමිතයි.
පෙරවරු 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය පස්වරු 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරෙනවා.

පළමු පන්තියේ වෙන් කළ ආසන රුපියල් 7,000 ක් වන අතර, දෙවන පන්තියේ වෙන් කළ ආසනයක් රුපියල් 6,000ක් වනවා.
එමෙන්ම, තුන්වන පන්තියේ වෙන්කළ ආසනයක් රුපියල් 5,000 ලෙස මෙම දුම්රියේ ප්‍රවේශපත්‍ර මිල ගණන් නියම කර ඇති බව සදහන්.
එල්ජින් දිය ඇල්ල සහ සමීට් ලෙවල් හිදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් ද, ආරුක්කු නවයේ පාලම අසල විනාඩි 10 ක් ද දුම්රිය නතර කර තැබීමටයි සැලසුම් කර ඇත්තේ.
source :- https://tinyurl.com/3a8zmdsb







