
රජය නියම කළ සහතික මිලට අනුව මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අද සිට ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී ගන්නා මිල ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බවයි ඔහු කියා සිටියේ.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වී මේ වන විට සති කිහිපයක් ගතවී ඇති අතර වී සදහා රජයේ සහතික මිල ප්‍රකාශයට පත් කරන ලෙස ගොවීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ පෞද්ගලික වෙළෙඳුන් ඉතා අඩු මුදලකට වී මිලදී ගන්නා බව පවසමින්.
කෙසේ වෙතත්, රජයේ සහතික මිල ප්‍රකශයට පත් කිරීමෙන් පසු ගොවීන් සහ ගොවි නියෝජිතයින් ප්‍රකාශ කළේ සහතික මිල ප්‍රමාණවත් නොවන බවයි.
source :- https://tinyurl.com/4pdm4pzw







