තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසු ඉදිරියේදී පුහුණුකරුවෙකු ලෙස ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

දිමුත් මේ බව අනාවරණය කළේ වසර 14ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ගාල්ලදී කැඳවා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවෙමින්.

වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව දෙවැනි ටෙස්ට් තරගය අද පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න ජගත් ක්‍රිකට් දිවියට සමුදීම ද මෙම තරගයෙන් පසු සනිටුහන් කරනවා.

ගාල්ලේදී 2012 වසරේදී ටෙස්ට් වරම් හිමිකර ගත් දිමුත් සිය අවසන් ජාත්‍යන්තර තරගයට ද ගාල්ලේදී එක්වෙද්දී ඒ වෙනුවෙන් ගාලු ක්‍රීඩා පිටිය හැඩ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙය දිමුත්ගේ සියවැනි ටෙස්ට් තරගයද වනවා.

පළමු ටෙස්ට් තරගයෙන් දරුණු පරාජයක් අත් විඳ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගයට පිවිසෙන්නේ දිමුත්ගේ සමුගැනීමේ සාදය ජයග්‍රහණයකින් වර්ණවත් කිරීමේ අරමුණ ඇතිවයි.

ගාලු පිටියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවෙමින් දිමුත් සිය සමුගැනීම නිල වශයෙන් ඊයේ නිවේදනය කළා.

source :- https://tinyurl.com/cr87dp86

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here