
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අද(06) පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 229ක් රැස් කළා.
එහිදී Dinesh Chandimal ලකුණු 74ක්ද, Kusal Mendis ලකුණු 59ක්ද, Dimuth Karunaratne ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mitchell Starc හා Nathan Lyon කඩුලු 3ක් දවා ගත් අතර Matthew Kuhnemann කඩුලු 2ක් දවා ගත්තා.
මෙම තරගයෙන් පසුව හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි.මෙය ඔහුගේ සියවන ටෙස්ට් තරගයද වීම විශේෂත්වයක්
source :- https://tinyurl.com/yeywp72c








