අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල් ලබාගත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහනුවර පිලිමලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙක් වන අතර පුවත්පත්වල මංගල දැන්වීම් පළ කරන කාන්තාවන්ට දුරකතන ඇමතුම් ලබාදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හදුන්වා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඒ අනුව සැකකරු අදාළ කාන්තාවන්ට පවසා ඇත්තේ තමාට හමුවූ ජංගම දුරකතනයක එම කාන්තාවගේ නිරුවන් ඡායාරූප ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකිරීමට නම් මුදල් අවශ්‍ය බවයි.

ඇතැම් අවස්ථාවලදී සැකකරු කාන්තාවන් බියගන්වා රුපියල් 45,000 සිට ලක්ෂ 02 දක්වා මුදල් ලබාගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/3k4vem8j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here