හිටපු දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තෙදින සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

එළෙස පැමිණි රෝඩ්ස්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිලධාරින් විසින් පිළිගනු ලැබූ අතර, ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔහු අද අලුයම ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඉකුත් නත්තල් සමයේ ද රෝඩ්ස් සිය පවුලේ සාමාජිකයන් හා මෙරට සංචාරයක නිරත වුණා.

source :- https://tinyurl.com/2zbjuy8d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here