මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන දෙකෙහි පද්ධති, ඩිජිටල්කරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී වෛද්‍ය සහතික නිකුත් කරන කඩදාසි ඇතුලු වියදම් සැලකීමේදී රජයට රුපියල් කෝටි 05ක පමණ මුදලක් ඉතිරිවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ද අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එසේම, අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පස්වරුව් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේද නිරික්ෂණ චාරිකාවක නිරත වී එහි ගැටලු සම්බන්ධයෙන් සොයාබලා තිබෙනවා.

මේ අතර, බස්නාහිර පලාතේ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හදුන්වාදී ඇති දුරකතන අංකවලට පැමිණිලි ඉදිරිපත් කළ නොහැකි බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

මේ පිළිබඳ අප සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ඒ සදහා වෙන් කර ඇති 0112 860 860 අංකයට ප්‍රතිචාර නොදක්වන බවයි.

එසේම, 0760450860 අංකය කාර්යබහුල තත්ත්වයේ පවතින බව ද පෙනී ගියා.

බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මෙම දුරකතන අංක බස් රථවල ප්‍රදර්ශනය කර ඇත්තේ අතරමග නතර කර සිටීම, ඉතා සෙමින් ධාවනය කිරීම හා අනතුරුදායක ලෙස ධාවනය කිරීම ඇතුලු සිදුවීම් සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි කිරීම සඳහායි.

source :- https://tinyurl.com/2s2329r5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here