ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් කල් දැමූ 2024 උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාගය ‍යළිත් පොලිස් ආරක්ෂාව යටතේ පෙබරවාරි තුන්වන දින නැවත පැවැත්වීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය පෙබරවාරි මස තුන්වන දින සිට දාසය දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර, රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදුකරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් සඳහන් කළේ.

මේ සඳහා වන විභාග ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරන ලද ඒවා වන බවත්, එම ප්‍රශ්න පත්‍ර සිසුන් සඳහා ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් චූදිතයන් සඳහා නීතිමය කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද සිදුකරමින් යන බවත් පවසන ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදීද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා වාර විභාග ප්‍රශ්න පත්තර මුද්‍රණය කිරීමට කටයුතු කරන බවත් නිලධාරීන්ගේ සහය ඇතිව ඉදිරියේදී පොලිස් ආරක්ෂාවකින් තොරව වාර විභාග පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවයි.

source :- https://tinyurl.com/bdfyh38v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here