
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළා.
පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ.
ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

අක්කර 13 379ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කෙරෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ අද මෙලෙස මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බවයි.
source :- https://tinyurl.com/ns68c9b9







