දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ දිනවල මීදුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ වායු ගුණත්වයේ පවතින පහළ යාමක් හේතුවෙන් බවයි එම සංවිධානය කියා සිටියේ.

එහි පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහොමයක වායු ගුණත්වයේ පහළ යාමක් මේ දිනවල පෙන්නුම් කරන බවයි.

ඒ අනුව සමස්තයක් ලෙස ඊයේ මෙරට වායු ගුණ තත්ත්ව දර්ශකය 86-116 ත් අතර අගයක පැවති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

source :- https://tinyurl.com/2dubs24p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here